BREAKING NEWS
Search

සිඟිත්තියකට දිවි අහිමි කළ මාරක අනතුර

323

ක්කරෙයිපත්තුව පොතුවිල් ඒ- 04 ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සිඟිති දැරියක් මියගොස් තිබේ.

අක්කරෙයිපත්තුව පොතුවිල් ඒ- 04 ප්‍රධාන මාර්ගයේ තාන්ඩියඩි ප්‍රදේශයේදී අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටී ඊයේ (23)  පස්වරුවේ සිදු වූ අනතුරකින් මෙම දැරිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.

අනතුර වු අවස්ථාවේ කාර් රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ හා සිඟිති දැරියක් සිට ඇති අතර දැරිය තුවාල ලබා තිරුක්කෝවිල් රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා අක්කරපත්තුව රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.

මියගිය දැරිය වයස මාස 09 ක් වූ අට්ටාලච්චේන 05 ප්‍රදේශයේ පදිංචිකාරියකි.

තිරුක්කෝවිල් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *