BREAKING NEWS
Search

කාටත් නොකියා වන්දනාවේ ගිය 16 පෙම් යුවලට හිටි හැටියේම සිදු වූ අකරතැබ්බය

1137

නිවසට නොදන්වා හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි අවුරුදු 16ක පාසල් සිසුවියක සහ සිසුවෙක් අද (22) හැටන් පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය භාරයට ගෙන තිබෙනවා.

එම දෙදෙනා හැටන් නගරයේ සැරිසරමින් සිටියදි හැටන් පොලිසිය විසින් භාරයට ගෙන ප්‍රශ්න කිරිමේදි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ඔවුන් දෙදෙනා නිවසට නොදන්වා ශ්‍රීපාද වන්දනාවේ පැමිණි බව පවසා තිබෙනවා.

ඇල්පිටිය ප්‍රදේශයේ සිට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ යාමට පැමිණ සිටි මොවුන් පෙම්වතුන් බවයි වාර්තා වන්නේ…

අනතුරුව හැටන් වැඩබලන මහේස්ත්‍රාත් එස්. කරුණාකරන් වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව එම පාසල් සිසුවිය සහ සිසුවා ඔවුන්ගේ මව්පියන් වෙත භාර දෙන ලෙස නියෝග කර තිබෙනවා..

හැටන් පොලිසියේ නිළධාරිනි විසින් මේ පිළිබඳව ඇල්පිටිය පොලිසියෙන් කරුණු විමසීමේදි පාසල් සිසුවිය සහ සිසුවා අතුරුදහන් වී ඇති බවට මව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර ඇති බව දන්වා තිබෙනවා…

පසුව එම සිසුවිය සහ සිසුවාගේ මවිපියන් හැටන් පොලිසිය වෙත කැදවා භාරදීමට යෑමේදි පාසල් සිසුවිය දෙමව්පියන් සමග නිවසට යෑම ප්‍රතික්ෂේප කළ බවයි පොලිසිය පවසන්නේ..

ඒ හේතුවෙන් පාසල් සිසුවා සහ සිසුවිය අධිකරණය වෙත ඉදිරිපත් කර මව්පියන් වෙත භාර දීමටයි හැටන් පොලිසියේ නිළධාරින් පියවර ගත්තේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *