අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාත තත්වයක් මත ඇති වූ හෘදයාබාධයක් බව වතිකානය නිවේදනය කරනවා.
උන්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා කාදිනල්හිමිවරුන්ගේ මහා සභාව අද රැස්වීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඒ අනුව අදාළ මහ සභාව වතිකානු නගරයේ සිනොඩ් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
එමෙන්ම වතිකානයේ සිස්ටන් දෙව්මැදුර ඇති අපෝස්තලික මාලිගයේ තුන්වන මහලේ ඇති ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මහල් නිවාසයේ සහ උන්වහන්සේ ජීවත් වූ කැසා සැන්ටා මාර්ටා හි දෙවන මහලේ ඇති මහල් නිවාසය සම්ප්‍රදායානුකූලව මුද්‍රා තබා තිබෙනවා.
මේ අතර පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ආර්ජන්ටිනාවේ දින හතක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම බ්‍රසීලය ද සතියක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මීට අමතරව ඕස්ටි්‍රයාවේ ඊයේ පස්වරුවේ රට පුරා දේවස්ථානවල සීනු නාද කර ඇති අතර එම දේවස්ථාන සියල්ලගේම කළු කොඩි ද ඔසවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම පාප් වහන්සේගේ මතකයට ගෞරව කිරීමක් වශයෙන් අයිෆල් කුළුණේ විදුලි අලෝකය ඊයේ රාත්‍රියේදී නිවා දමා තිබුණා.
මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍යයට සහභාගිවීමට නියමිත බව නිවේදනය කරනවා
එය ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති ධුර කාලය තුළ පළමු ජාත්‍යන්තර සංචාරය වනු ඇති.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස ඇමරිකාවේද කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කර ඇති බවයි



















