BREAKING NEWS
Search

යුවලකට මරු කැදවා දරුවෙකු රෝහලට යැවූ සුනඛයා

551

දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ බෙලිගමුව ප්‍රදේශයේ අද (21) පෙරවරුවේ සිදුවූ යතුරු පැදි අනතුරකින් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක ජීවිතක්ෂයට පත් වුණා.

එම අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ සැමියා සහ බිරිඳ වන දෙහි අත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක් වූ පිරිමි පුද්ගලයෙකු සහ 28 හැවිරිදි කාන්තාවක්.

එහිදී බරපතල තුවාල ලැබූ එම දෙපලගේ පිරිමි දරුවා රෝහල් ගත කළ බවයි පොලිසිය සඳහන් කළේ.

ගලේවෙල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය කළ යතුරු පැදිය පාර හරහා ගමන් කළ සුනඛයෙකුගේ ගැටී පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග අයිනේ වු කාණුවට වැටී මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තිදෙනා ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු හා පසු පැදිකාරිය මිය ගොස් ඇති අතර, කුඩා පිරිමි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *