ගන්නකොට කිව්වේ කාටවත් දෙන්නෙ නැහැ කියලයි. ඒත් අයියෙ දැන් ඒවා මුලු ලෝකෙම බලනවා.

5922
ඇය වෛද්‍ය විද්‍යාලයට යන්න ආසාවෙන් උසස් පෙළ ප්‍රතිඵල ලැබුණු ගමන් බලාපොරොත්තු පොදි බැඳන් හිටපු කෙනෙක්.
ඒ හැම බලාපොරොත්තුවක් ම සුණුවිසුණු වෙන්න ඇරපු ඇය මීට අවුරුදු දෙක තුනකට කලින් ජීවිතයෙන් යන්නම යනවා.

ඇගේ නිරුවත් වීඩියෝ පට 12ක් තවමත් අන්තර්ජාලයේ සැරිසරනවා.

බොහෝ දෙනෙක් ඇය ජිවතුන් අතර නැති බව නොදැන හෝ ඒවා රහ කරනවා.
මේ කතාව ඔබට කියන්නෙ, කතාවේ ඇතුළ ඔබ දැනගන්නම වුවමනා නිසා.
“අයියේ… මේ ලියුම ඔයාට ලැබෙද්දි මම ජීවතුන් අතර නැතිවෙයි. ඔයාට සතුටක් දැනෙයිද කියන්න මම දන් නෑ. දන්නවද අයියෙ මම මගේ ජීවිතේම කරගෙනයි ඔයාට ආදරේ කළේ. එදා හොටෙල් රූම් එකේ දී ඔයා ඉස්සරහා නිරුවත් වුණේ… පළවැනි වතාවට. දන්නවද කෙල්ලෙක් නිරුවත් වෙන්නෙ තමන් වැඩියෙන්ම විශ්වාස කරන පිරිමියා ළඟ. මගේ ඒ පළමු පිරිමියා වුණේ ඔයා. එදා ඒ මොහොතක සතුට ඔයා වීඩියෝ කරනකොටත් මම බලාගෙන නිහඬව උන්නා. ඒ ඔයාගේ ආසාව කිව්වම මම ඒකට ඉඩ දුන්නා. මොකද ඔයාගේ සතුට මගෙත් සතුට වුණු නිසා…”
“ටිකෙන් ටික ඔයාගේ ආසාවල් වැඩි වෙද්දි මගේ ඇඟම ඔයාට දීලා මම සතුටු වුණා. ඔයා මගේ වීඩියෝවල ස්ක්‍රීන් ෂොට් එවනකොටත් කිව්වේ, මේවා කාටවත් දෙන්නෙ නැහැ කියලයි. ඒත් අයියෙ දැන් ඒවා මුලු ලෝකෙම බලනවා. මගේ යාලුවා පෝර්න් සයිට් එකක් තිබ්බ මගේ වීඩියෝ එක එවද්දි මට උන් හිටි තැන් අමතක වුණා. අන්තිමට‌ මගේ අම්මලා ඒවා දකිනකොට මට කටඋත්තර නැතිවුණා…”
“අයියා ඒවා වට්ස්ඇප් වල යව යව මාව නැති කළා කියලා අයියගේ යාලුවෝමයි මට කිව්වේ. ඒ විතරක් නෙවෙයි ඔයා ළඟ ගොඩක් අයගේ නෙකඩ් ෆොටෝ තියෙනවා කියලා එයාලා කිව්වා. දැන් මට ක්ලාස් වත් යන්න ලැජ්ජයි. හැමෝම මා දිහා බලනවා. ප්‍රමුදි කිව්වා ක්ලාස් එකෙ කට්ටිය කතා වෙනවා කියලා. පේජ් ගොඩකිනුත් මගේ පොටෝ එක දාලා තිබ්බා. ලීක් වෙච්ච කෙල්ලගේ අලුත්ම වැල කියලා. දෙයියනේ ! මට තවත් මේවා බලාගෙන ඉන්න බෑ අයියේ. මම යනවා.. ඒකමයි මම යන්නෙ…”
“යන්න කලිනුත් මම කියන්නෙ. ඔයාට නම් සැනසීමක් දැනෙන එකක් නෑ මේ කරපු දේට. සැනසීමක් දැනෙන්නත් එපා..”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *