සිංහයෙකුගේ පහරදීමකින් කුඩා දැරියක් අකාලයේ මිලින වෙයි

505

සිංහයෙකුගේ පහරදීමකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ කෙන්යාවේ නයිරෝබි නගරයෙන්.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 14ක දැරියක්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සිංහයා නයිරෝබි ජාතික වනෝද්‍යානය අසල ගොවිපළක නේවාසික පරිශ්‍රයකින් දරුවා පැහැරගෙන ගොස් ඇති බවයි.

KWS රේන්ජර්වරුන් අසල පිහිටි Mbagathi ගඟට යන මාර්ගය අසලදී සිංහයා විසින් පැහැරගෙන ගිය දැරියගේ සිරුර හමුවී තිබෙනවා.

සිංහයා තවමත් හමු වී නොමැති අතර එරට වනජීවී සේවය පවසා සිටියේ උගුලක් අටවා සත්වයා සෙවීම සඳහා සෝදිසි කණ්ඩායම් යොදවා ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *