BREAKING NEWS
Search

25 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි කල ආරවුල ගැන ඇසෙන ඇග හිරිවැටෙන කතාව

1041

ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පැවසිය.

මරණයට පත්ව ඇත්තේ ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයෙ පදිංචි 25 හැවිරිදි අවිවාහකයකු වන  මහමුදන්නායක මුදියන්සේලාගේ සජීත් තිවංක නොහොත් (ජයසුන්දර ) නැමති අයකු  බව කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වු තරුණයාගේ මවගේ බාල සොහොයුරු ,  ප්‍රදේශයෙ නීති විරෝධී කසිප්පු ජාවාරමට සම්බන්ධ  අයෙකු බව කියන සැකකරුවකු හා ඔහුගේ බිරිද බව කියයි.

අත් අඩංගුවට ගෙන ඇති කසිප්පු ජාවාරම්කරුගෙ වෙළද සැල ඉදිරිපිටදී පවත්වාගෙන ගිය කැට පොළක ඇතිවු ආරවුලක් බහින් බස් විමකින් පසු මාමා එල්ල කළ පොලු පහරකින් එම ස්ථානයෙදීම ඥාති පුතා මරණයට පත්ව ඇති බව මූලික විමර්ශන වලදි තහවුරු වි ඇති බව පොලිසිය කියයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *