කොරියානු භාෂා පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ දින වෙනස් වීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ, ලබන මස 06 වනදා පැවැත්වීමට නියමිතව තිබූ විභාගය ලබන මස 10 වනදාත්, ලබන 07 වනදා පැවැත්වීමට තිබූ නියමිතව තිබූ විභාගය ලබන මස 17 වනදාත් පැවැත්වෙන බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසිම හේතුවෙන් මෙලෙස කොරියානු භාෂා පරීක්ෂණයට අදාළ විභාග දින වෙනස් කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සදහන් කළා.

















