රජයෙන් 15000 ක සහනාධාරයක්. ලැබෙන්නේ මේ අයටයි.

1605

යල කන්නයේදී  කුඹුරුවල  අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක  සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අද මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අතර

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.

මේ පොළොවට කෙදිනක හෝ පොහොර වන අපි රටට ආවේ කොහෙන්ද කියා සිතීම ඉතිහාසයට අයත් කරුණක් පමණක් බව කී ජනාධිපතිවරයා සියලු දෙනාගේ අයිතීන් සමව සලකන රටක් ගොඩනඟන බව අවධාරණය කළේය.

” මෙතැනින් පසු මේ වගේ ආණ්ඩු හැර වෙන ආණ්ඩු ආපහු හැදෙන්නේ නැහැ.ඒගොල්ලන්ට ආණ්ඩු හදන්න ඕන නම් අපි කරන දේවල් ඉගෙන ගන්න සිද්ධ වෙනවා.

අපි ආණ්ඩුව ගොඩනැගුවේ උතුරු නැගෙනහිර, කඳුරට, දකුණ සියලු ජනතාවගේ සහභාගීත්වයෙන්.අප අදහස් ප්‍රකාශ කරන අයිතියට ගරු කරනවා.නමුත් කිසි දිනක යළි ජාතිවාදයට ඉඩක් දෙන්නේ නැහැ.තිබෙන නීති මදි නම් ජාතිවාදය පරදන්න අලුත් නීති හදනවා.යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *