BREAKING NEWS
Search

හිටපු මන්ත්‍රිවරයෙකු අභාවප්‍රාප්ත වෙයි

3467

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.

හිනිදුම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස දිගු කලක් කටයුතු කළ සුනිල් සේනානායක මහතා නෙළුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙස පළමුවෙන්ම දේශපාලනයට අවතීර්ණ විය.

ඔහු නෙළුව ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂනායක තිලක් සේනානායක මහාතාගේද සහෝදරයෙකි.

විශ්‍රාමික වෛද්‍ය කල්‍යාණී අබේවර්ධන මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ සුනිල් සේනානායක මහතා එක්දරු පියෙකි.

පසුගිය දිනවල අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහු අද (18) සවස අභාවප්‍රාප්ත වී ඇත.

සුනිල් සේනානායක මහතාගේ දේහය නෙළුවේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අප්‍රේල් මස 20 වන ඉරිදා සවස 4.00 ට නෙළුව මහජන ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *