Search

රන් මිලේ වාර්තාගත වෙනසක්

922

අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළඳ යුද්ධයේ බලපෑමෙන් ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,357.40ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා රන් මිල සියයට 30කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

වෙනත් පුවත්

රුසියානු සංචාරක කර්මාන්තයේ නව පෙරලියක්

රුසියාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයින් සංඛ්‍යාව 2024 දී 120,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව 2023 වසරේ දී එම සංඛ්‍යාව ආසන්න වශයෙන් 60,000ක් පමණ වූ අතර ඒ අනුව 2024 වසරේ දී මෙම ඉහළ යාම දෙගුණයක් සටහන් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර 2023 වසරේදී රුසියානු සංචාරකයින් 160,000ක් පමණ ඉන්දියාවට පැමිණ ඇති අතර එය 2021 සහ 2022 ඒකාබද්ධ එකතුව ද ඉක්මවා යාමක් ලෙස එම වාර්තා වැඩිදුරටත් පවසනවා.

මොස්කව්හි ඉන්දීය තානාපති කාර්යාලය මෙම තොරතුරු නිකුත් කර ඇති අතර, “මෙම ප්‍රවණතාවය දිගටම පැවතුනහොත්, 2025 වන විට අන්‍යෝන්‍ය සංචාරක ප්‍රවාහය 450,000 ඉක්මවිය හැකි” බව රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය වැඩිදුරටත් වාර්තා කරනවා.

මෙම තත්ත්වය අනුව ඉන්දියාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව අනුව රුසියාව හොඳම රටවල් දහය අතරට පැමිණ තිබෙනවා.

මේ අතර විශේෂයෙන්ම විද්‍යුත් වීසා බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කිරීම සඳහා වීසා තන්ත්‍රය තවදුරටත් ලිහිල් කිරීමට ඉන්දීය පාර්ශ්වය කැමැත්ත පළ කර ඇති අතර මෑතකදී ඉන්දියාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සඳහා සරල කළ සංචාරක ක්‍රියා පටිපාටියක් හඳුන්වා දී තිබෙන බවත් එම මාධ්‍ය වාර්තා පවසනවා.

තව ද රුසියාව සහ ඉන්දියාව අතර ගුවන් සම්බන්ධතා පුළුල් කිරීම, සංස්කෘතික හුවමාරු සහ ඒකාබද්ධ ආංශික සිදුවීම් සංවර්ධනය කිරීම, අන්‍යෝන්‍ය සංචාරක ප්‍රවාහයේ වර්ධනයට දායක වන බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *