BREAKING NEWS
Search

මෙරට වයස්ගතම සත්වයාගේ හිස තෙල් ගාලා

218

අලුත් අවුරුදු චාරිත්‍ර අතර කරන හිස තෙල් ගෑමේ චාරිත්‍රය දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද අද (16) සිදුකළා.

ඒ අනුව නැකතට හිස තෙල් ගෑමේ චාරිත්‍රය සත්වෝද්‍යානයේ වාසය කරන කඩොල් ඇතාගෙන් ආරම්භ කෙරුණා.

මේ අතර දැනට ශ්‍රී ලංකාවේ වෙසෙන වයස්ගතම සත්වයා වන වයස අවුරුදු 153ක් වන යෝධ ඉබ්බාගේ හිස තෙල් ගෑමද සිදුකළා.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු දුඹුරු වලසාගේ හිස තෙල් ගෑම ද නැතකට සිදු කෙරුණා.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු ඇතුළු සත්වෝද්‍යානයේ පාලන අධිකාරිය විසිනුයි මෙය සංවිධානය කර තිබෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *