BREAKING NEWS
Search

පේරු හිටපු ජනපති සහ බිරිඳ වසර 15 ක් හිරේ

1509

මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.

පේරු රාජ්‍යයේ ජාතික පක්ෂය පිහිටුවීමේ පුරෝගාමීන් ලෙස සැලකෙන්නේ ඔලන්ටා සහ බිරිඳය.

ඔලන්ටා හුමාලා 2006 සහ 2011 වසරවල මැතිවරණ ව්‍යාපාර සඳහා අරමුදල් සොයා ගැනීම කර ඇතැයි පැවැසෙන්නේ බ්‍රසීලියානු ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රෙක්ට් හරහාය.

මෙම අරමුදල් රැස් කිරීම කර ඇත්තේ නීති විරෝධී අයුරින් යැයි මේ වනවිට තහවුරු වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *