BREAKING NEWS
Search

තිදෙනෙකුට මරු කැදවූ රිය අනතුරු

36

ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ මෙම අනතුරු අද (15) දිනයේ සිදුවූ බවය.

ඒ අනුව අද අලුයම් කාලයේදී කුරුණෑගල – දඹුල්ල A-6 මාර්ගයේ කුරුණෑගල උතුරු ඩිපෝව අසලදී දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ කැබ් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක සහ යතුරුපැදියක ගැටී තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, පසුපස අසුනේ ගමන් ගත් දෙදෙනෙකු හා යතුරුපැදියේ පැදිකරු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේදී ත්‍රිරෝද රථයේ රියදුරු හා පසුපස අසුනේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 37 හා 43 වයස්වල පසුවන ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමත්ව රිය පදවා ඇති බවට අනාවරණය වී තිබේ.

මේ අතර අද අලුයම් කාලයේදී ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ කි.මි 134-135 කණුව අතර ප්‍රදේශයේදී ගාල්ල දෙස සිට මාතර දෙසට ගමන් ගත් යතුරු පැදියක් පැදිකරුට වේගය පාලනය කරගත නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ගොන්නගහහේන රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 45ක් වූ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *