BREAKING NEWS
Search

මල් කැකුළකට දිවි අහිමි වුණ මාරක රිය අනතුරක් ගැන ඇසෙන හද සලිත කරන කතාව

35
පැටවුන් දෙදෙනෙකුගේ සුරතල් බලමින් සිටි ඇයට දැන් ඒ අතරින් එක්  අයෙක් අහිමි වෙලා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන ඒ අනුවේදනීය කතාවක්.. මේ කතාව ඇසෙන්නේ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන්..

මිනුවන්ගොඩ කුරුණෑගල මාර්ගයේ ගල්කන්ද හන්දිය ආසන්නයේදී දිවුලපිටිය දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක් ගැටී ඊයේ අනතුරක් සිදුව තිබෙනවා…

අනතුරින් යතුරු පැදිකාරිය, ඇයගේ වයස අවුරුදු 05ක් පමණ වන නිවුන් දැරුවන් දෙදෙනා හා නැන්දණිය බරපතල තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී එක් පිරිමි දරුවෙකු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ..

පැදිකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලටත් පසු පැදිකාරිය හා අනෙක් පිරිමි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරු කර යවා තිබෙනවා..

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 05ක් වන වෑගොව්ව, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවෙක්..

මෘත ශරීරය මිනුවන්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා..

මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *