ඒ අනුව, මීට පෙර ලද ඉහත අය වැය සහන දීමනාවන් වූ රුපියල් 3500 ක මුදල මින් පසු මුලික වැටුපට/ චේතනයට එකතු වන අතර එම මූලික වැටුප වැඩිවීම මගින් සේවකයන්ට මූලික වැටුපට සාපේක්ෂව ලැබෙන ප්‍රතිලාභ ද වැඩිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන්.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම පනත ක්‍රියාත්මක වන දිනය තෙක් ජාතික අවම චේතනයට වඩා වැඩි වැටුපක්, මූලික වැටුප හෝ චේතනය ලෙස ලබමින් සිටි සේවකයින් සම්බන්ධයෙන් එකී අය වැය සහන දීමනාවන් අදාල මූලික වැටුපට හෝ චේතනයට වැටුපේ කොටසක් ලෙස සළකා එකතු කර ගෙවීම කරන බවයි.
මෙම වසරේදී රුපියල් 27000 දක්වා වැඩි කෙරෙන මෙම ජාතික අවම වැටුප ලබන වසරේ සිට රුපියල් 30000 දක්වාත් දෛනික වැටුප ද රුපියල් 1080 සිට රුපියල් 1200 දක්වාත් වැඩි කිරීමට නියමිතයි.
මේ සඳහා කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඊට අදාල පනත් කෙටුම්පත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි කම්කරු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.



















