BREAKING NEWS
Search

අප්‍රේල් 15 නිවාඩු දිනයක්ද..? සමාජ මාධ්‍යය ඔස්සේ පැතිරෙන පුවතේ ඇත්ත මෙන්න

38
මේ මොහොත වන විටත් සමාජ මාධ්‍ය එක්ක එක්වෙලා ඉන්න ඔබ මේ පුවත ගැන හරි තොරතුරක් දැනගන්න බලාගෙන ඇති.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..
අප්‍රේල් 15 වැනි දින රජයේ නිවාඩු දිනයක් බවට සමාජ මාධ්‍යය ඔස්සේ පැතිරෙන පුවත් අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

ඒ සම්බන්ධයෙන් රජය විසින් කිසිදු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම මෙම ප්‍රවෘත්තිය ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, අද (10) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්නගෙන් ප්‍රශ්න කර සිටියා

එහිදී අමාතයවරයා සඳහන් කළේ, එදින නිවාඩු දිනයක් බවට පත්කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළා.

”ඒ සතියේ සිකුරාදත් නිවාඩු දිනයක් හැටියට ප්‍රකාශයට පත්වෙලා තියෙනවා මහ සිකුරාදා දිනය. ඒ නිසා වැඩ කරන දවස් තුනයි තියෙන්නේ. අපි තාම තීරණයක් අරගෙන නැහැ මේ දවසේ නිවාඩු දවසක් බවට පත් කරනවද කියන එක. ඔබතුමා ඉදිරිපත් කරපු කාරණය පිළිබඳව අපි අවධානය යොමු කරන්න කැමතියි. නමුත් තාම එබඳු තීරණයක් අරගෙන නැහැ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *