BREAKING NEWS
Search

අනියම් පෙමක් නිසා පුළුස්සා දැමූ ජීවිතය… හතරකට වැඩ වැරදුණු ඝාතනය ගැන වෙරි මතට කියවුණු හැටි

36
අනියම් සම්බන්ධතාවක් මුල් කර ගනිමින් වයස අවුරුදු 35ක පුද්ගලයෙකු ඝාතනය කර සිරුර ටයර් දමා පුළුස්සා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් කළ පාපොච්චාරණය අනුව පොලිසිය වනගත ප්‍රදේශයක දමා තිබු සිරුරු කොටස්ද සොයා ගත්තා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුලික්කඩ, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි නිශාන් බුද්ධික නමැති වයස අවුරුදු 35 ක් වන විවාහක දෙදරු පියෙක්.

ඔහු ස්පා ආයතනයක සේවය කරන කාන්තාවකගේ වීඩියෝ දර්ශන හා ඡායාරූප සුක්ෂමව ලබාගෙන ඇයව විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති බවයි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් රැදී සිටි අනුරාධපුර ලෝළුගස්වැව ප්‍රදේශයේ නිවසක් පොලිසිය වටලා තිබෙනවා.

ඉන් අනතුරුව සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර අපරාධපුර අපරාධ විමර්ශන අංශය වෙත භාර දී තිබෙනවා.

සැකකරුවන් සිදු කළ ප්‍රකාශ අනුව අද ඔයාමඩුව නොච්චියාගම මාර්ගයේ දුනුමඩලෑව ප්‍රදේශයේ ළඳු කැලෑවක් තුළදී ඝාතනයට ලක් වු පුද්ගලයාගේ සිරුරු කොටස් සොයා ගැනුණා.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ ඝාතනය කල පුද්ගලයාට පාංශකූළය ලබාදීම ද සැකකරුවන් විසින් සිදුකර ඇති බවයි.

අදාල ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලු පුද්ගලයින් 04 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *