BREAKING NEWS
Search

ඉන්ධන හලේ පිපිරීමෙන් ඇති වූ ගින්නෙන් තවත් තිදෙනෙකුට දිවි අහිමි වෙයි -වීඩියෝව මෙන්න

2044

ඊයේ (07) රාත්‍රී කාලයේ කුරුණෑගල පොලිස් වසමේ කුරුණෑගල කොළඹ මාර්ගයේ වැහැර ප්‍රදේශයේ ඉන්ධනහලකින් ලොරි රථයකට ගෑස් ටැංකි පුරවමින් සිටියදී, එම ටැංකි පුපුරා යාමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.

මෙම ගින්නෙන් ඊයේ රාත්‍රියේ එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවයි සඳහන් වෙන්නේ.

කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් හා කුරුණෑගල මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතුකර තිබෙනවා.

මරණකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

මෘත ශරීර එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *