BREAKING NEWS
Search

40යේ තිදරු මව එක්ක පවුල් කන්න ගිය 20 හැවිරිදි තරුණයා..

18923

විසි හැවිරිදි තරුණයකු 40 වියද ඉක්මවූ තිදරු මවක සමග පවුල් කෑමට යාමේ සිද්ධියක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වෙනවා.

සිද්ධිය මෙසේය. දුර බැහැර පෙදෙසක සිට පියාගේද ආශිර්වාදය ඇතිව 20 වියැති තරුණයා වෙනත් ගමකට පැමිණියේ කිසියම් ආගමික කටයුත්තකට සහභාගිවීමටය.

මොහු එහි පැමිණි හතලිස් වියද ඉක්ම වූ මවක සමග පෙමින් බැඳෙන්නේ සියලු‍ දෙනාටම හොර රහසිනි.

ඇය තිදරු මවක වන අතර ඇයගේ වැඩි මහල් දියණියද උසස් පෙළ පංතියේ ඉගෙනුම ලබමින් සිටියාය.

මේ කිසිවක් බාධාවක් කර නොගත් තරුණයා තම පෙම්වතිය සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාව දිගටම පවත්වාගෙන ගියේය. පෙම්වතියගේ සැමියා නිවසේ නොමැති අවස්ථාවලද රාත්‍රි කාලයේද තරුණයා ඇයගේ නිවසට යාමට ඒමට පුරුදු වූයේ කාටත් හොර රහසේය.

මෙදිනද ඇගේ සැමියා නිවසේ නොමැති බව දැනගත් තරුණයා සුපුරුදු ලෙස රාත්‍රියේ ඇයගේ නිවසට යන්නේ මහත් සතුටිනි.

එහෙත් මේ පිළිබඳව ඉව වැටී සිටි සැමියා සැඟවී සිට, පෙම් සුව විඳිමින් සිටි තම බිරිඳ හා තරුණයා අතටම හසු කරගන්නේ, උස් මහත් වූ දරුවන්ද විමතියට පත් කරමිනි.

පසුව සැමියා සිද්ධිය පිළිබඳව පොලීසියට පැමිණිලි කරන්නේ විසඳුමක් ලබාගැණීමේ අටියෙනි. පසුව පොලීසිය තරුණයා හා තරුණයාගේ පියාද, සැමියා ගේ පාර්ශවයද පොලීසියට කැඳවා, ගැටුම සමථයකට පත් කිරීමට උත්සාහ දරා ඇත.

එහිදී සැමියා දරුවන් තිදෙනා ගැන සිතා සිය බිරිඳට සමාව දී ඇය බාර ගැණීමට කැමැත්ත පළ කර ඇත.

එහෙත් බිරිඳ දරුවන්, සැමියා හා සියල්ල අතහැර දමා ලාබාල පෙම්වතා සමග යාමට කැමැත්ත පළකර ඇත.

තරුණයාගේ පියාද පුතාගේ පෙම්වතිය බාර ගෙන තම ගමට කැඳවාගෙන යාමට කැමැත්ත පළ කර ඇත.

මැදිවියේ පසු වූ තරුණයාගේ පියා තම පුතා හා වැඩිමහල් පෙම්වතියද බාර ගෙන, දරුවන් හඬා වැටෙද්දී ගමට යන්නට මගට බැස්සේ ”මටත් ඉතිං වතුර ටිකක් හරි දෙන්න කෙනෙක් ඉන්න එපායැ”‍ යැයි කියමිනි.

සිද්ධිය බලා සිටි අනෙකුත් පිරිස් මුහුණින් මුහුණ බලා සිනාසුනේලු‍. මේ කිසිවක් ගණනකට නොගත් තරුණයා, ඔහුගේ පියා සහ පෙම්වතිය ත්‍රිරෝද රථයක නැගී ගමට යන්නට පිටත්ව ගියේලු‍.
(උපුටා ගැනීමකී)



Leave a Reply

Your email address will not be published. Required fields are marked *