BREAKING NEWS
Search

අලුත් අවුරුද්දෙන් පස්සේ මෙන්න මේ අයට රැකියා අවධානමක්

409

ඇමෙරිකා එක්සත් ජනපදය මෙරට අපනයන භාණ්ඩවලට පනවා ඇති 44%ක ප්‍රතිචාරාත්මක බද්ද ක්‍රියාත්මක වුවහොත් අලුත් අවුරුදු සමයෙන් පසු ඇගලුම් කම්හල් සේවකයන්ගේ රැකියා අවධානමක් පවතින බව – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කර්මාන්තශාලා කඩා වැටී රැකී රක්ෂා අහිමි වී ආර්ථික වර්ධන වේගය පහළ ගොස් සමස්ත ජනතාවටම මින් බරපතල හානියක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

2033 ගෙවීමට තිබූ ණය 2028 ගෙවීමට ඇති බැවින්  ඒ සදහා පවත්වාගෙන යා යුතු ආර්ථික වර්ධන වේගයට මෙම බදු පැනවීම මරු පහරක් බවත්  නාත්තන්ඩිය ආසනයේ පැවැති ජන හමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙම බරපතල අවධානමත් සමග ආර්ථික සුනාමියක් අප රටට එල්ල වීමට ඉඩකඩ ඇති බැවින්  රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවලක් කඩිනමින් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා කීවේය.

ඇමෙරිකානු භාණ්ඩවලට 88% බද්ධක් පැනවීම හේතුවෙන් මෙම නව බදු  පනවා ඇති බවත් මේ නිසා අප රටේ අපනයනවල මිල තරගකාරීත්වය නැති වන බවද ඔහු සඳහන් කළේය.

මෙරට  ඇගලුම් අපනයනවලින් 40%ක් ඇමෙරිකාවට යවන බැවින් මෙය බරපතල තත්ත්වයක් බවත්  විපක්ෂනායකවරයා පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *