BREAKING NEWS
Search

තමන්ගේ අම්මාට අහස පොළව නුහුලන අපරාධයක් කල නරුම පුතෙක් ගැන ඇසෙන හද කම්පා වෙන කතාව

586
මේ කියන්න හදන්නේ දුක්බර පුවතක්…

තමන්ට ලේ කිරිකරලා පෙව්ව අම්මාට මෙහෙම දෙයක් කළේ කොහොමද ? හිතා ගන්නවත් අමාරු කතාවක් තමයි මේ …

වාලච්චේන කේණි නගර්, නාවල් අඩි ප්‍රදේශයේදී පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඊයේ (06) උදෑසන ලද පැමිණිල්ලක් මත වාලච්චේන පොලීසිය සිදුකළ විමර්ශනයක දී හෙළි වී ඇත්තේ සිය පුත්‍රයා විසින් සිදුකළ පහරදීමකින් මෙම කාන්තාව මියගොස් ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 72 හැවිරිදි නාවල් අඩි ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම කාන්තාව සිය පුත්‍රයා සමඟ ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුතා විසින් කොස්සකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබෙනවා…

පහරදීම සිදුකළ බවට සැකකෙරෙන කැඩී ගිය කොස්සක් හා පොල්ලක් පොලිස් භාරයට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ…

මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 42 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්….

මේ සිදුවීම ගැන වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *