BREAKING NEWS
Search

අවුරුද්දට සුරා සැල් වැහෙන දින ගැන විශේෂ නිවේදනයක්

3232
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතු කොටගෙන සුරාසැල් වසා තැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, අප්‍රියෙල් 13 සහ 14 යන දෙදින දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් මත්පැන් හල් වසා තැබිය යුතු බවයි එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, 2025.04.13 දින සිට 2025.04.14 දින දක්වා සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුන (03 Star) ට ඉහළ සුරා බදු රු. බී 07 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍රලත් ස්ථානවල නේවාසිකව රැදී සිටින විදේශීය සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට පමණක් හැකියාව පවටිනවා.

මෙම කාල සීමාව තුල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත කෙටි අංකය වන 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව වෙත විවෘතව තැබෙනු ඇ‍ති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *