BREAKING NEWS
Search

රාජ්‍ය සේවකයින් පිරිසකගේ නිවාඩු අද සිට අවලංගුයි…

37

පලාත් පාලන ආයතන ජන්ද විමසීම වෙනුවෙන් අද (6) සිට මැයි 7 දා දක්වා තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)  ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා පැවසීය.

මේ අතර පලාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද රක්ෂණ පැකට්ටු තේරිම්භාර නිලධාරීන් විසින් හෙට (7) තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන බවද නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කළේය .

වෙනත් පුවත්

අදත් සවස් කාලයේදී වැසි

දිවයිනේ බොහෝ  ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර සහ දකුණු පළාත් වලත් පුත්තලම, මන්නාරම, යාපනය සහ අම්පාර දිස්ත්‍රික්කවලත්  වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක.

සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද, දකුණු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *