BREAKING NEWS
Search

දෙවිනුවර කැළඹූ ද්විත්ව ඝාතනයට කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අල්ලයි…

35

දෙවුන්දර දේවාලය අසලදී දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අදාලව කාන්තාවක් ඇතුළු 03 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11.45ට සිදුකල වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් ටී – 56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිණි අවි දෙකකින් මෙම වෙඩි තැබීම සිදු කොට පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනාගේ යහලුවෙකුගේ උපන් දිනය සාදයක් දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති අතර එයට සහභාගි වී නැවත සිය නිවෙස් වෙත පැමිනෙමින් සිටියදී පසුපසින් පැමිණි වැන් රථය යතුරු පැදියේ හප්පා යතුරු පැදියේ ගමන් කල තරුණයින් දෙදෙනාට ඉන් අනතුරුව මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට පොලිසිය සිදුකල මුලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය පවසනවා.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ ටී – 56 උණ්ඩ කොපු 39ක් ජීව උණ්ඩ 02ක්ද මිලිමිටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02ක් හා ජීව උණ්ඩ 02 ක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරන එවුරි වර්ගයේ වෑන් රථයක් වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට මීටර් 800 ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක ගිණි තබා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර එය තුල ටී – 56 තුවක්කුවකට යොදන මැගසිනයක් හා තවත් ටී – 56 උණ්ඩ කොපු හමු වූ බවද පොලිසිය පැවසුවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *