ඒ පිරිසගෙන් 31.3%ක් පිරිමි දරුවන් වන අතර, ගැහැනු දරුවන්ගේ ප්‍රතිශතය 25.5%ක්..
වැඩිම ඉහළ ජංගම දුරකතන භාවිතයක් ඇත්තේ වයස අවුරුදු 16-17 අතර වයස් කාණ්ඩයේ වන අතර, එය 40.6%ක ප්‍රතිශතයක්… එමෙන්ම ඉකුත් මාස 12 තුළ මෙරට පාසල් සිසුන්ගෙන් 5.4%ක් සයිබර් හිරිහැර කිරීම්වලට (Cyber bullying) ලක් වී ඇති බවද සමීක්ෂණ වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය වෙනවා…
ඒ අතරින් වයස අවුරුදු 13- 15 දක්වා වයස් කාණ්ඩයේ ළමයින් 5.6%ක් සයිබර් හිංසා කිරීම්වලට ලක් වන අතර, ගැහැනු දරුවන්ට සාපේක්ෂව පිරිමි දරුවන් සයිබර් හිංසාවලට ලක් වීම වැඩි අගයක් ගන්නා බවද නිරීක්ෂණය වී ඇති අතර, ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණය (GSHS) 2024 මඟින් මෙරට රජයේ පාසල්වල අවුරුදු 13-17 අතර සිසුන්ගේ ආහාර පුරුදු, ශාරීරික ක්‍රියාකාරකම්, සනීපාරක්ෂාව, මානසික සෞඛ්‍යය, මුඛ සෞඛ්‍යය, මත්ද්‍රව්‍ය භාවිතය, ප්‍රචණ්ඩත්වය, මවුපියන් සහ සම වයසේ මිතුරන් සමඟ සම්බන්ධ වීම සහ ලිංගික හැසිරීම් ආදිය පිළිබඳ සමීක්ෂණයට ලක් කර තිබෙනවා..
දිනමිණ පුවත්පත ඇසුරෙන්



















