මෙරටට ගෙන්වූ වාහන නිදහස් කිරිමේදී ඇති වූ ප්‍රමාදය මේ වනවිට නිරාකරණය කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසනවා.
ඒ අනුව හම්බන්තොට වරායේ සිරවී ඇති වාහන නිදහස් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙනමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ
වාහන ආනයනය කිරිම සඳහා පැවැති තහනම ඉවත් කරමින් ඉකුත් පෙබරවාරි පළමු වැනිදා සිට වාහන ආනයනයට අවසර ලබා දීමත් සමග මේ වනවිට හම්බන්තාට වරායට වාහන ලැබෙමින් පවතිනවා.
එලෙස වාහන ආනයනය කිරීමේදී පැවැති නීතිමය ගැටලුවක් හේතුවෙන් ආනයනය කළ වාහන රැසක් රේගුවෙන් නිදහස් කිරීමට අවසර හිමි වූයේ නැහැ.
එම බාධා ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළ අතර
ඒ අනුව අදාළ වාහන නිදහස් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ නැව් 3කින් පමණ හම්බන්තොට වරායට පැමිණ තිබූ වාහන 500ක් පමණ මේ වනවිට නිදහස් කර ඇති බවයි.
මේ අතර ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති ජගත් රාමනායක ද වාහන ආනයන ගැටලුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.



















