බටපොළ පොලිස් වසමේ බොරළුව ඇලේ කොළ රොඩු සමග හිර වී තිබූ මල සිරුරක් බටපොළ පොලිසිය ඊයේ (21) සොයා ගෙන තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් වන කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
ඔරු බෝට්ටු ආධාරයෙන් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකින් පසු මෙම මළසිරුර සොයා ගත් බවයි වාර්තා වන්නේ.
මෙය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබුණ පසු වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බවත් ඝාතනයක් බවට වූ සැකය මේ වන විටත් පොලීසියට ඇති වි තිබෙන බවත් බටපොළ පොලිසිය සඳහන් කළා.
කෙසේ වෙතත් මියගිය අය අතුරුදන් වූ දින ඔහු සමග ගතකල ඔහුගේ මිතුරා සහ ඔහුගේ සහෝදරයා මේ වන විට දුරකතන ක්‍රියා විරහිත කොට සැගවී සිටින නිසා මෙම සැකය ඇති බවයි වාර්තා වන්නේ.
මෙම මිය තරුණයා සිය මිතුරාගේ වැඩි මහල් සහෝදරයගේ විවාහ මංගල උත්සවයක් සදහා ඇදුම් පැලදුම් ගෙන ඒමට මිතුරාගේ නිවසට ගොස් තිබෙනවා.
එදින මධ්‍යම රාත්‍රිය වන තෙක්ම මොවුන් දෙදෙනා මංගල ශාලාවේ විනෝද වෙමින් සිට ඇති බවත් දෙදෙනා එක යතුරු පැදියකින් පිට වී ගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
සිය පුතා අතුරුදන්ව තිබෙන බව දන්වමින් මියගිය අයගේ මව පසුගිය 16 දින ඇල්පිටිය පොලීසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා.


















