BREAKING NEWS
Search

දරුවන් දෙදෙනෙකුගේ මව සහ පියාගේ පවුල් ආරවුල මරණයකින් කෙලවර වෙයි

117

පවුල් ආරවුලක් හේතුවෙන් සැමියෙකු විසින් බිරිඳ කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් රත්තොට පොලිස් වසමේ කයිකාවල ඉසුරුගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

ඝාතනයට ලක්වී ඇති බිරිඳ සහ ඝාතනය සිදුකළ බව කියන සැමියා යන දෙදෙනාම මාතලේ රෝහලේ කනිෂ්ඨ සේවකයින් බවද වාර්තා වෙයි.

ඔවුන්ට පාසල් යන වයසේ දරුවන් (දුව 11 – පුතා 13) දෙදෙනෙකු ද සිටින අතර අද (22) අලුයම 5ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති බව පැවසෙයි.

ඝාතනයෙන් පසු සැඟව සිටි සැකකාර සැමියා රත්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රත්තොට පොලීසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *