BREAKING NEWS
Search

කඩා වැටුණු යානය ගැන වෙනස්ම කතාවක් එලියට. කලුපෙට්ටිය සොයා මෙහෙයුම්

30
පසුගිය කාලය පුරාවටම එකම රටක නිශ්පාදිත යානා එකම විදිහට යානා අනතුරට පත් වෙලා..

අද උදෑසන 7.50ත් 7.55ත් අතර කාලයේදී එම පුහුණු ජෙට් යානය, ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරට ලක්ව තිබුණ අතර, එය වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටුණා.

කඩා වැටුණු යානය ගිනිගත් අතර එම ගින්න මැඩපැවැත්වීමට ප්‍රදේශවාසීන් සහ ගිනි නිවීමේ හමුදාව කටයුතු කළ අතර, සුළු වේලාවකින් ඒ ගින්න මැඩ පවත්වන්න පිරිස කටයුතු කළා..
කෙසේ වෙතත් ජෙට් යානයේ කාර්මික දෝෂය ඇති වූ මොහොතේම නිවැරදි ක්‍රමවේද අනුගමනය කරමින් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ඉන් ඉවත්වී තිබෙනවා..

වාරියපොළ මිනුවන්ගැටේ පාදෙනිය විද්‍යාල පරිශ්‍රය වෙත ආරක්ෂිතව පතිත වූ ඔවුන් දෙදෙනා අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා…

ඔවුන් සුළු තුවාල ලබා ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කළේ..

ජෙට් යානය කඩා වැටුණු වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ ප්‍රදේශයේ අදාළ ස්ථානයට පූර්ණ ආරක්ෂාවක් සපයා ඇති අතර අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *