BREAKING NEWS
Search

බරපතල තුවාල ලබා පුද්ගලයින් 05 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු අනතුර

33

තිනියාවල පොලිස් වසමේ 07 කණුව උපේක්ෂා පෙර පාසල අසල දී අද සවස සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා පුද්ගලයින් 05 දෙනෙකු මීගහතැන්න මූලික රෝහල වෙත ඇතුලත් කර ඇතැයි තිනියාවල පොලිසිය පවසයි.

නෙලුව දෙස පැලවත්ත දෙසට ගමන් ගත් තේ දළු ප්‍රවාහනය කළ  ලොරි රථයක් සහ පැලවත්ත දෙස සිට කලුබෝවිටියන දෙසට ගමන් ගත්  ත්‍රී රෝද රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.

ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයින්ගේ අනන්‍යතාව මේ වන තෙක් අනාවරණය නොවන අතර,වැඩිදුර විමර්ශන තිනියාවල පොලිස් ස්ථානය විසින් සිදු කරන ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *