BREAKING NEWS
Search

සිසුවියන් දෙදෙනෙකු මත් කර ජායාරූප ලබාගෙන පොලිස් කොස්තාපල් කෙනෙක් කල කැත වැඩේ

34
ඇය ඔවුන්ට ශිල්පය ලබාදෙන ගුරුවරිය වුණත් , ඇය ඔවුන්ගේ ජීවිතය සෙල්ලමකට අරගෙන..
මේ කියන්න යන්නේ නර්තන ගුරුවරියක් තම සිසුවියන් දෙදෙනෙකුට කරන්න ගිය වැඩක් ගැන ඇසෙන වෙනස්ම කතාවක්.. ඒ කතාව ඇසෙන්නේ නිවිතිගලින්..

නිවිතිගල පොලිස් වසමේ පවත්වාගෙන යන නැටුම් පංතියකට සහභාගිවූ තරුණියන් දෙදෙනකුට මත්පැන් පානය කිරීමට සලස්වා ඔවුන්ගේ ඡායාරූප ලබාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයකු, නැටුම් පංතියේ ගුරුවරිය සහ ඇයගේ පවුලේ හිතවතකු නිවිතිගල පොලිසිය මගින් ඊයේ (19දා) අත්අඩංගුවට ගෙන තිබෙනවා..

මෙම පොලිස් කොස්තාපල්වරයා නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිසියක සේවය කරන පුද්ගලයකු බව පවසනවා..

නැටුම් පංතියේ නිවාඩු දිනෙක මෙම තරුණියන් දෙදෙනා ප්‍රදේශයේ ජලාශයක දිය නෑම සඳහා කොස්තාපල්වරයා සහ නැටුම් ගුරුවරිය ඇතුළු තිදෙනෙකු විසින් රැගෙන ගොස් ඇති අතර,  දිය නෑමෙන් පසු කොස්තාපල්වරයා මැදිහත් වී තරුණියන් දෙදෙනාට මත්පැන් බීමට දී ඇති අතර ඔවුන් මත්වූ පසු කොස්තාපල්වරයා විසින් ඔවුන්ගේ ඡායාරූප ලබාගෙන තිබෙනවා…

සැකකරු මෙසේ සිදුකර ඇත්තේ තරුණියන්ගේ පවුලේ අයට ඡායාරූප පෙන්වා කප්පම් මුදල් ලබාගැනීමේ අටියෙන්දැයි පොලිසිය සැක කරනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *