BREAKING NEWS
Search

සතොස ගැන මූජිබර් රහුමන් මහතාගෙන් භයානක අනාවරණයක්

38

තත්වයෙන් බාල  සහල් කිලෝ 11500ක් සතොස අලෙවි සල්  හරහා පසුගිය දිනවල අලෙවි කරමින් ලොකු  දූෂණයක් කර  ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මූජිබර් රහුමන් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

සතොස  ආයතනයේ  සිස්ටම් ඔඩ්ට්  මුල් ටෙන්ඩරයේ ලියකියවිලි අතුරුදන් කර ජනාධිපතිවරයාගේ උපදේශකයකු වන දුමින්ද හුලංගමුව මහතාගේ සමාගමට එය පිරිනමා ඇතැයි පැවසූ  හෙතෙම එම මුල්  ටෙන්ඩර් ලියකියවීලි අතුරුදහන් කිරීම ගැන පරීක්ෂණයක් කළ යුතු බවද සඳහන් කළේය.

සතොස  ආයතනය  අද හොර ගුහාවක් බවට පත්ව ඇති බවද ඔහු කීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සමූපකාර වෙළඳ වාණිජ සහ  ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබද  අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *