මේ නිසා වාහනයක මිල තවත් රුපියල් 40,000 ත් 50,000 ත් අතර මිලකින් ඉහළ යනු ඇතැයිද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පැවසුවා..
වාහන ආනයනය ප්‍රකෘති කිරීමේදී ගත් වැරදි තීන්දුවක් මීට බලපා තිබෙන බවද ඔහු පැවසූ අතර, එසේම නිෂ්පාදිත දිනය මීට බලපා තිබෙන බවද ඔහු පැවසුවා..
මෙලෙස වාහන නිදහස් කර ගැනීමට ප්‍රමාද වීම මගින් සිදුවන්නේ වාහන මිලදී ගැනීමට සිටි පිරිස ඊට අඩු උනන්දුවක් දැක්වීම බවද ඔහු සඳහන් කළ අතර,හම්බන්තොට වරායේ වාහන ගාල් කිරීම සඳහා දින 10 ක නිදහස් කාල සීමාවක් ලබාදී තිබෙන බවත්, දින 10 ට පසුව රුපියල් 30,000 ත් 40,000 ත් අතර අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇති බවත් පවසා තිබුණා..



















