Hiru Star මෙවර කිරුළ දිනාගත් චමෝද් කවිශ්කගේ මෝටර් රථයට කිසියම් පුද්ගලයෙක් විසින් ගිනිතබා තිබෙනවා.
ඒ අනුරාධපුරයේ පිහිටි ඔහුගේ නිවසේ මෝටර් රථය නවතා තිබියදීයි.
අද (18) අලුයම 1.42ට පමණ මෙම සිදුවීම සිදුව තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් චමෝද් පවසා සිටියේ මෙවැනි අදහසක්.
“පාන්දර 1.42යි වෙලාව. මගේ වාහනේ මේ වෙද්දි, කවුරුහරි ගෙදරට ඇවිල්ලා ගෙදර නතර කරලා තිබ්බ වාහනෙට ප්‍රෙටල් දාලා ගිනි තියලා තියෙනවා. මම එළියට බහිද්දි වැඩේ ඔක්කොම වෙලා ඉවරයි. ඔක්කොම වාහනේ ගිනිඅරන් තියෙන්නේ. ගිඩීන් ගාලා සද්දයක් ආවා. මම එලියට එද්දි සේරම ගිනිඅරන් ඉවරයි. බොහොම ස්තූතියි මේක කරපු කෙනාට. බොහොම ස්තූතියි”.
සිදුවීම සම්බන්ධව මේවන තෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

















