BREAKING NEWS
Search

ආයිමත් සැරයක් මට තේරෙනවා මගේ බඩ හරියෙන් රස්නෙට. දුම්රියේදී නොසිතූ අත්දැකීමකට මුහුන දුන් තරුණියකගේ කතාවක්…

31

කෝච්චිය කියන්නේ සාමාන්‍ය ජනතාව බොහෝමයක් තමන්ගේ ප්‍රවාහන මාධ්‍ය කරගත්ත දෙයක්. කෝච්චිය කියන්නේ උපසංස්කෘතියක් කියලා කිව්වත් හරි.

මොකද එදිනෙදා වැඩට යද්දි එද්දි කොච්චියටම ආවේනික වෙච්ච යාළුවො වගේම ඒ ආස්‍රිත රස කතා ගොඩක් තියෙනවා. ඒ වගෙම අමතක කරන්න බැරි අඳුරු මතකත් තියෙනවා.
මේත් ඒ වගේ තරුණියකට කෝච්චියකදී සිද්ධ වුණු අඳුරු මතකයක් ගැන කතාවක්.

ඒ කතාව ඇගේ වචනයෙන්ම මෙසේ පල කරන්නම්…

“සාමාන්‍යයෙන් මම වැඩට යන්නේ එන්නේ කෝච්චියේ. කොළඹ ප්‍රධාන රජයේ ආයතනයක මම වැඩ කරන්නේ. මම ගෙදර යන්න කෝච්චියට නඟින්නේ කොටුවෙන්. කෝච්චියේ යද්දි එද්දි යාළුවො වුණු යාළුවො තුන් හතර දෙනෙක් හිටියා මට. මේ කියන දවසේ එයාලා එක්කෙනෙක්වත් හිටියේ නැහැ. මම තනියම කොළඹ ඉදලා මීගමුවට යන කොච්චියට නැග්ගා.

එදා ස්ට්‍රයික් දවසක්.. ඇතුලට යන්නත් බෑ… එච්චර සෙනග… මොනවා කරනද කියලා හිතාගන්නවත් බැහැ. මේකේ ගියේ නැත්නම් ආයිමත් පැය ගානකට ගෙදර යන්න වෙන්නෙත් නැහැ. මමත් නැග්ගා කෝච්චියට. මාව එහෙම්මම දොර ලග හිර උනා… මං ළඟම අංකල් කෙනෙක් හිටියා. ටික වෙලාවක් යද්දි හරියටම මරදාන හරියෙදි විතර හෙමීට බුරිය හරියට අතක් වැදුනා.. . අහ් කියන්න අමතක වුනානේ… මම ඔෆිස් යන්නේ සාරි ඇදගෙන.

අර වැදුන අත කාගෙද කියලාවත් බලන්න විදිහක් නැහැ. ඒ තරම් සෙනඟ‍. ආයිමත් සැරයක් මට තේරෙනවා මගේ බඩ හරියෙන් රස්නෙට. ඒ කියන්නේ මගේ බඩ අතගානවා… බලද්දී අර අංකල්… මම තේරුණු බව නොපෙන්වා හෙමීට ටිකක් පස්සට ගියා.

ඊටපස්සේ කොච්චිය නවත්තපු තැනින් තව අය නැඟපු නිසා මම කොහොමහරි ඇතුලට ගියා. මට තේරුනා මේ අංකලුත් මං ළඟටම කිට්ටු කරනවා කියලා. ටික වෙලාවක් යද්දි මට ආයිමත් තේරුනා ඒ අංකල් මගේ බඩ අතගානවා කියලා.. ඊටපස්සේ හොඳ වෙලාවට ඒක දැකපු ඇන්ටි කෙනෙක්ද කොහෙද මං ළඟට ආවා. අර අංකල්ව අනිත් පැත්තට තල්ලු වුණා. මට මොකද්ද කරන්නේ කියලා කර කියාගන්න දෙයක් නැතුව හිටියේ..”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *