BREAKING NEWS
Search

දඹූල්ලේ මවක් සිය අවුරුදු එක හමාරක දරුවා සමග ගිනි තබාගනී

35

පවුල් ආරවුලක් හේතුවෙන් දඹුල්ල – කණ්ඩලම ප්‍රදේශයේ තිදරු මවක්, අවුරුදු එකහමාරක් වයසැති සිය කුඩා පිරිමි දරුවාද සමග සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මව දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, බරපතල පිළිස්සුම් තුවාල ලැබූ කුඩා පිරිමි දරුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරු කර යැවුණු බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

අදාළ කාන්තාවගේ සැමියා කිහිප අවස්ථාවන්වලදී පහර දී නිවසෙන් පන්නා දැමීම ආදී හිරිහැර නිසා සිත් තැවුලට පත් ව ඇය සිය දරුවා සමඟ මෙලෙස සිය දිවි හානිකර ගැනීමට තැත් කර තිබුණා.

එම කාන්තාවගේ වයස අවුරුදු හතක් සහ නමයක් වූ අනෙක් දියණියන් දෙදෙනා පාසැල් ගිය අවස්ථාවේ ඇය සිය කාමරයේදී මෙලෙස සිරුරට පෙට්‍රල් වත් කරගෙන ගිනි තබාගෙන ඇති බවත්, පසුව සැමියා පැමිණ දරුවාගේ සිරුරේ ගින්න නිවා තිබෙන බවත් පොලිසිය සදහන් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *