ගැටුමකින් තරුණයන් දෙදෙනෙක්ට අත්වූ ඛේදනීය ඉරණම

37

ග්‍රෑන්ඩ්පාස්, වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

අද (15) අලුයම මෙම ගැටුම හටගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

එහිදී සිදුකළ තියුණු ආයුධ පහරදීම් හේතුවෙන් තුවාල ලබූ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහල ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 23 හැවිරිදි සහ 24 හැවිරිදි ඥාති සහෝදරයින් දෙදෙනෙක් බව සඳහන් වේ.

ඝාතනය සිදුකළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *