බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුමිරියක් හැටන් දුමිරිය ස්ථානයට ලගාවිමත් සමග එම දුම්රියේ ප්‍රධාන රියදුරු හදිසියේ රෝගාතුර වී තිබෙනවා.
මේ හේතුවෙන් එම දුමිරිය අද (14) පස්වරැවෙි පැයක පමණැ කාලයක් ප්‍රමාද වී ඇති අතර එම දුමිරියේ ගමන් ගත් මගීන් දැඩි ලෙස පීඩාවට පත්වී සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේනමුත්, හැටන් දුමිරිය ස්ථානයේ නිලධාරීන් නාවලපිටිය දුමිරිය ස්ථානයේ සිට වෙනත් රියදුරෙකු හැටන් දුමිරිය ස්ථානය වෙත කැදවා එම දුම්රිය පස්වරු 5.30 සිය ගමනාන්තය දක්වා යැවමිට කටයුතු කර තිබුණා.
පසුව රෝගීවූ රියදුරා සුව සැරිය ගිලන් රථයෙන් දික්ඔය මූලික රෝහල වෙත යොමු කළ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.


















