BREAKING NEWS
Search

ගුවන් පාලම යටින් හමු වූ තරුණයාගේ මරණයට හේතුව හෙළිවෙයි

46

අඟු‍ණුකොළපැලැස්ස – අබේසේකරගම මාර්ගයේ – කීරියගොඩැල්ල මංසංධියේ අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති ගුවන් පාලම යට තිබී හමුවූ මළ සිරුර ඝාතනයක් නොව සියදිවි හානිකරගැනීමෙන් සිදුවූ මරණයක් බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බරවකුඹුක අබේසේකරගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර කටයුතුවල නියැලෙන තරුණයෙක්.

දැනට සිදු කල ඇති විමර්ශන අනුව අදාල තරුණයා සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණියක් සමග ප්‍රේම සබදතාවයක් පවත්වා තිබෙනවා.

දෙදෙනා අතර වූ යම් විරසකයක් හේතුවෙන් මොහු සියදිවි නාසා ගන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මළ සිරුර හමුවූ ස්ථානයේ තිබී යතුරුපැදියක් සහ ජංගම දුරකථනයක්ද සොයා ගනු ලැබුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *