BREAKING NEWS
Search

අක්මීමන කැලබු හිටපු බන්ධනාගාර අධිකාරීවරයා ඝාතනය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

43

අක්මීමනදී හිටපු බන්ධනාගාර අධිකාරීවරයා ඝාතනයට සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදි දෙකක්, සොයාගෙන තිබෙනවා.

ඒ යක්කලමුල්ල ප්‍රදේශයෙන්.

ගාල්ල – තලගහ ප්‍රදේශයේ සිය නිවසේ මිදුලේ සිටියදීයි අද පස්වරුවේ ඔහු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ.

61 හැවිරිදි ඔහු පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී සේවයෙන් විශ්‍රාම ලබා තිබුණා.‍

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මිය ගිය පුද්ගලයාට අයත් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් ද කිසියම් පිරිසක් විසින් 2023 වසරේ ගිනි තබා විනාශ කර තිබුණා.

ඔහු වසර 35 කට ආසන්න කාළයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර අවසන් වරට සේවය කර තිබුනේ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය ඇතුලු විමර්ශන කණ්ඩායම් 04 ක් මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *