2022.09.14 වන දින සිදුව පොලිස් වසමේ වෑත්තෑව ප්‍රදේශයේ පිහිටි විහාර ස්ථානයක හිමි නමක් ගෙල සිර කර ඝාතනය කිරීම හා දේපළ සොරකම් කිරීමේ සිදුවීමකට අදාළව කාන්තාවක් විදේශගතව සිට මෙරටට පැමිණීමේ දී තරුණියක් ගෙන තිබෙනවා.
මෙම ඝාතනය එම විහාරස්ථානයේම වැඩ වාසය කළ හිමිනමක් විසින් සිදු කර ඇති බවත් එම හිමිනම සමඟ සම්බන්ධකම් පැවැත්වූ විදේශගතව සිටින තරුණියක් මෙම ඝාතනය සිදු කිරීම සඳහා කුමන්ත්‍රණය කර ඇති බවටත් මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
වැඩිදුර විමර්ශනයෙන් පසු මෙම සැකකාරිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර සැකකාරියට එරෙහිව ගුවන් ගමන් තහනමක් ලබා ගෙන තිබෙනවා.
ඒ අනුව, මෙම සැකකාරිය 2025.03.12 වන දින අළුයම් කාලයේදී ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමේදී ගුවන් තොටුපල ආගමන විගමන නිලධාරීන් විසින් ගුවන් තොටුපල පොලිස් ස්ථානයට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියෙක්.
සැකකාරිය අද (13) වන අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


















