BREAKING NEWS
Search

බිග්මැච් සඳහා පොලීසියෙන් උපදෙස් මාලාවක්

35

පාසල් ක්‍රිකට් තරග අතරතුර නීති කඩන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය දැඩි විමසිල්ලෙන් පසුවෙන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.

තම පාසලේ ගෞරව නාමය ආරක්ෂා කරගැනීම සියලුදෙනාගේ වගකීමක් බවද ඔහු සඳහන් කළේය.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්.යූ. වුට්ලර් මහතා,

“මේ දිනවල රටේ පවතින පාසල් ක්‍රිකට් තරගාවලි ඉතාම උණුසුම් ස්වරූපයක් ගන්නවා. ඒ පිළිබඳව නැවතත් ශිෂ්‍යයන්, ආදි සිසුන්, දෙමව්පියන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් අපිට නිරීක්ෂණය වෙනවා.” 

“පසුගිය කාලයේ වාර්තා වුණු ඛේදජනක සිදුවීම් අපි කවුරුත් දන්නවා. ජීවිත හානි, බරපතළ රිය අනතුරු, කලහකාරී සිදුවීම් වගේ දේවල්.”

“පොලීසිය මේ ගැන දැඩි අවධානයෙන් ඉන්නේ. ඉදිරි කාලය තුළ අපි බලාපොරොත්තු වෙනවා රථ වාහන පෙළපාලි, බීමතින් රිය පැදවීම්, අපරික්ෂාකාරී රිය පැදවීම්, අනවසර මගීන් ගෙනයෑම වැනි මාර්ග වැරදි ගැන ජනතාව දැනුවත් විය යුතුයි.”

“තරග සංවිධායකයින් අදාළ පොලිස් වසමේ පොලිස් නිලධාරීන් හමුවී සංවිධාන කටයුතු කරගන්න. බාධාවලින් තොරව මෙම කටයුතු සිදුකරගෙන යෑමට ඉන් අවස්ථාව ලැබෙනවා. ඔබේ පාසලේ ගෞරවනීය නාමය ආරක්ෂා කරගැනීමට ඔබ සියලුදෙනා කටයුතු කළ යුතුයි.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *