BREAKING NEWS
Search

රූමත් වෛද්‍යවරියට හදි කළ කාමාතුරයා, අනුරාධපුර රෝහලින් ඇසෙන ඇඟ සීතලවෙන කතාව මෙන්න…

48

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු අවිවාහක වෛද්‍යවරියක සේවය නිමාකොට නිල නිවස වෙත යමින් සිටියදී ආයුදයක් ඇතැතිව පැමිණි කාමාතුරයකු ඇය ලිංගික හිංසනයකට ලක් කර  ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.

මෙම වෛද්‍යවරිය සේවය නිමවා ඊයේ  පස්වරුවේදි රෝහල ආසන්නයේ පිහිටි ඇයගේ නිල නිවසට යමින් සිටියදි මෙම සිද්ධියට මුහුණ පා ඇත.

මේ සම්බන්ධයෙන් වෛද්‍යවරිය අනුරාධපුර පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව  සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කොට ඇතැයි පොලිසිය කියයි.

ඒ අතර

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සියලුම වෛද්‍යවරු,වෛද්‍යවරියන්, හෙද හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලවල ආරක්ෂාව නිසි ලෙස තහවුරු කරන තුරු අඛණඩ වෘත්තිය ක්‍රියා මාර්ගයකට අවතීර්ණය විමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශික්ෂණ රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය ශෂික විතානගේ මහතා පැවසිය.

පුද්ගලයකු විසින් තියුණු ආයුධයක් පෙන්වා මරණිය තර්ජනය කොට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිට ආපසු සිය නිල නිවසට යමින් සිටි අවිවාහක වෛද්‍යවරියකට ලිංගින හිංසනයක් සිදුකිරිමට විරෝධය පළ කරමින් එම රෝහලේ වෛද්‍යවරු අද දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව සිටිති.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදින් දැණුවත් කිරිම සදහා  අනුරාධපුර ශික්ෂණ රෝහලේදි මාධ්‍ය හමුවක් ද පැවැත්වුණි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *