ජීවිත 3ක් බිලිගත් මාදම්පේ අනතුර ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි – රියදුරන් දෙදෙනාම මත්ද්‍රව්‍ය අරන්

35

මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් කුඩා දැරිවියක් ඇතුළු කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 32,36 හැවිරිදි හා වයස අවුරුදු එකක් වන මිනුවන්ගොඩ හා රාගම ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලීසිය පැවසුවේය.

අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු ඇතුළු තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කුඩා පිරිමි දරුවන් 02කු සහ ගැහුණු දරුවන් දෙදෙනෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (09) පස්වරුවේ තලවිල සාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යට සහභාගී වී නැවත නිවෙස් කරා ගමන් කරමින් සිටිය දී අදාළ අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *