BREAKING NEWS
Search

දේශබන්දු තෙන්නකෝන් ගැන ලැබුණු ආරංචිය මෙන්න…

38
දේශබන්දු තෙන්නකෝන් මේ දිනවල පුවත් මවන චරිතයක් වෙලා තිබෙනවා… මේ ඔහු ගැන ලැබුණු අලුත් ආරංචියක්…
2023 වසරේ මාතර වැලිගම ඩබ්ලිව්. 15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ වග උත්තරකරුවන්ට නොතිසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 12 වනදා කැඳවන ලෙසයි….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *