BREAKING NEWS
Search

ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට

62
පිළියන්දල – කොළමුන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ නිවසට අයුතු ලෙස ඇතුල්වී පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (08) සිදුකර තිබූ අතර, මේ වන විට ඔහු ඇප මත මුදාහැර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අශේන් බණ්ඩාර හා අදාළ පැමිණිලිකරු යාබද නිවෙස්වල පදිංචිකරුවන් වන අතර, අශේන් බණ්ඩාර සිය මෝටර් රථය මාර්ගය අවහිර වන පරිදි නවතා තිබීම හේතුවෙන් ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් මෙය සිදුව තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *