BREAKING NEWS
Search

මත්පැන් ලෝලීන්ට සුභ ආරංචියක් – ලගදීම වෙන්න යන දේ මෙන්න

39
මේ කියන්න යන්නේ මත්පැන් භාවිත කරන අයට අලුත්ම  ආරංචියක්..
අහිතකර මත්පැන් පාවිච්චි කරන්නන් වෙනුවෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙන සැර අඩු මත්පැන්වලින් වාර්ෂිකව රුපියල් කෝටි පන්සීයත් දාහත් අතර අමතර ආදායමක් ලබාගත හැකි බවට සුරාබදු දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා..

රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ කාර්මික තාක්ෂණ ආයතනයේද පරීක්ෂණවලින් පසු මිලි ලීටර් 180 බෝතල් වශයෙන් මෙම මත්පැන් වෙළෙඳපොළට නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවයි දැනගන්නට ලැබෙන්නේ… සියයට විසි පහක සැර මට්ටමකින් මෙම නිෂ්පාදනය වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සමගද සාකච්ඡා කර තිබෙනවා..

මේ වනවිට සියයට 96.2ක මට්ටමෙන් නිපදවන ස්ප්‍රීතු වෙනුවට සියයට 85 මට්ටමේ නව ස්ප්‍රීතුවලින් කසිප්පුවලට වඩා හිතකර මත්පැන් නිෂ්පාදනයන් මෙලෙස නිකුත් කිරීම සිය අපේක්ෂාව බව සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීහු රජයේ මුදල් කාරක සභාවට දන්වා ඇති අතර, මීට අදාළ යෝජනාව දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ…

මේ වනවිට වැඩිම පාරිභෝජනයක් පවතින මිලි ලීටර් 180 කාල බෝතලයක් වශයෙන් සියයට විසි පහේ සැර මට්ටමකින් මෙම මත්පැන් වෙළෙඳපොළට නිකුත් කිරීමට අදහස් කරන බවත්, පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්තශාලාවල එතනෝල් ගොඩ ගැසීමේ ප්‍රශ්නයටද මෙමගින් විසඳුමක් ලැබෙන බවත් සුරාබදු නිලධාරීන් පවසා තිබුණා..

පසුගිය මාස දෙක ඇතුළත දෙපාර්තමේන්තු ආදායම සියයට විසි දෙකකින් වැඩිවී තිබෙන අතර, එලෙස ආදායම වැඩිවීමට හේතුව නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදන වැටලීම නිසා ඒවා පාවිච්චි කරන්නන් නීත්‍යානුකූල මත්පැන්වලට යොමුවීම යැයි සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර මෙම කාරක සභාවේදී පවසා තිබෙනවා.. නීතිවිරෝධී මත්පැන් තවදුරටත් නියාමනය කරන විට දෙපාර්තමේන්තුවේ ආදායම තවදුරටත් වැඩි කළ හැකි යැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබුණා..

අරුණ පුවත්පත ඇසුරෙන්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *