BREAKING NEWS
Search

කිරිබත්ගොඩ ප්‍රධාන පෙලේ රාත්‍රී සමාජ ශාලාවකට ප්‍රහාරයක්

471
කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙලේ රාත්‍රී සමාජ ශාලාවකට අද (08) අලුයම කිසියම් පිරිසක් විසින් පහර දී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, කඩු සහ පොලු මුගුරු රැගත් 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ මෙම සමාජ ශාලාවේ දේපලට හානි සිදු කර ඇති බවයි.

එමෙන්ම ඔවුන් එහි සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධති ද විනාශ කර එහි උපාංග ද ගලවාගෙන ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

පහර දුන් සැකකරුවන් හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට සදහා විමර්ශනයක් ක්‍රියාත්මකයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *