BREAKING NEWS
Search

භූතයාට තරුණයා බිලි

283

ගොයම් කපන (භූතයා ) යන්ත්‍රයක් ට්‍රැක්ටර් ටේරලයෙන් බෑමට උත්සාහ ගැනීමේදී එය පෙරලීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි .

වැලිපිටිය බෙරලෑලිය රාජකාරී වේල්ල නැමැති ප්‍රදේශයේ කුඹුරු යායක ගොයම් කැපීම සඳහා රැගෙන එන ලද ගොයම් කපන ( භූතයා ) යන්ත්‍රය ප්‍රවාහනය කරන  ට්‍රැක්ටර් ටේරලයෙන් බිමට බෑමට උත්සාහ කිරීමේදි එහි රියදුරු අනතුරට ලක්ව තිබේ.

අනතුරට පත් වූ තරුණයා අසල්වාසීන් වැලිගම වලාන රජයේ රෝහල වෙත රැගෙන ගියද රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම වැලිපිටිය මුනමල්පෙ ප්‍රදේශයේ පදිංචි  කසුන් චාමර නමැති අවිවාහක තරුණයකු බව සදහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *